සංචරණ සීමා හේතුවෙන් අත්හිටුවා තිබු අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර ලැබී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊයේ අලුයම 4ට පළාත් අතර සංචරණ සීමා ඉවත් කීරීමත් සමඟ අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා කිහිපයක් ද ක්‍රියාත්මක වුණා.
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමේ දි ආසන සංඛ්‍යාවට පමණක් මඟීන් රැගෙන යා යුතු වනවා.
එම නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට ලිඛිතව දැනුම් දුන් බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සදහන් කළේ.
අද දිනයේදි අන්තර් පළාත් බස්රථ ධාවනය කළ හැක්කේ 50%ක් පමණක් බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සහ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ සඳහන් කළේ.