“.. ඇගේ හිස තවමත් නැත.. " - රූප රාමු විඳින තරමටම අනියම් පෙමේ රහ විඳින්න පුළුවන් ද ?
මේ දිනවල අතිශය ජනප්රියත්වයට පත්ව, බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වන "අනියම් පෙමක්" ගැන කියැවෙන අපූරූ ගීතය ඔබත් අහන්න, දකින්න ඇති.
කෙසේ වෙතත්, නිර්මාණයක් ලෙස එය රසවිඳිම පසෙකා ලා බොහෝ දෙනෙක් මේ ගීතය විවේචනය කර ඇති අයුරු දැක ගත හැකිවුණා. ඒ අතරින් තවත් පිරිසක් "අනියම් පෙමේ රඟ" විස්තරාත්මකව මුහුණු පොතේ පළ කරන්නට ද පටන් ගත්තා.
මේ තියෙන්නේ කාන්තාවක් ඇගේ මුහුණු පොතේ පළ කර තිබූ එක් කතාවක්...
"අනියම් පෙම රහයි.... හැමෝම කියන හැටියට ඒක සුන්දරයි...
ඒ රූප රාමු විඳින තරමටම අනියම් පෙමේ රහ විඳින්න පුළුවන් නම්... මමත් දන්නවා ඒ රහ... අවුරුදු ගාණක් තිස්සේ "අනියම් පෙමක" රහ මම මගේ ශරීරය ඇතුළතින් විඳිමින් ඉන්නවා. තවමත් "තාත්තා කෝ" කියලා අහන අවුරුදු තුනේ කෙල්ලට "තාත්තා අනියම් පෙම්වතියක් ළඟ" කියලා නොකියා මම නිහඬ වෙනවා.
තාමත් හොයාගන්න බැරිවුනු අර අසරණ කෙල්ලගේ ඔලුව හැමෝටම අමතක වෙලා. ඒ කෙල්ල අමතක කරන්න. ඒ කතාව නිසා දිවි නහගත්ත SI ව මතක කාටද ? ඒ එස්අයිගේ දරුවෝ කොහොම සමාජයට මුහුණ දෙනවා ඇද්ද? අනේ අසරණ ගැහැනිය කොයි තරම් නින්දා අපහාස උහුලනවා ඇද්ද? ඒ දරුවෝ තාමත් පාසල් යන වයසෙනම් ? හැමෝගෙම කණ වැටුනු දේ ගැන කොහොම නම් විස්තර කරනවා ඇද්ද..?
මම තරහා නොවී උන්නා, මගේ ජීවිතේම අරන් ගිය පව මම ගෙවා දමන්න එපැයි. එයාගේ අනියම් පෙම්වතිය අවුරුදු 28ක රූප සුන්දරියක් වෙද්දි, දරුවෙක්ගේ අම්මා කෙනෙක් වුනු මම අවුරුදු 35ක වැරහිලි ගැහැනියක්. ඒ උත්තමයාට ආදරේ උවමනා වෙන්න ඇති.. ඒකනේ ගියේ.. කමක් නෑ...! මම මගේ දූට ඒක කියන් නෑ. තාත්තා ඒරොප්පෝ ගියා කියනවා..
ආයෙම එන දවස් දන්නෙ නෑ කියනවා. මේ ජීවිතේ කටුකම දවස් වුණත් මගේ හිතේ එයා ඉන්න තැනේ වෙනසක් නෑ. මොනා වුණත් මම පණ ඇරලා ආදරේ කරපු එකානේ කියන හැඟීම.. මම තුරුළු කරගත්තූ පපු කන්ද වෙන එකියකට අයිති වෙන එක.. මම ඉඹපු නළල් තලාව වෙන එකියක් ඉඹින එක.. ඒවා මහා වේදනාබර මතක... ඒත් මම පුදුම තරම් ඉවසුමෙන් ඉන්නවා.
ජීවිතේ දවසක එයා මෙහේ ඒවි කියන අන්ධ විශ්වාසෙන් මම ඉන්නවා. අනේ !! මම තාම එයාට ආදරේ කරනවා. ලෝකේ කිසිම අම්මෙකුට මෙහෙම දුක් විඳින්න ලැබෙන්න එපා.!!"