දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා.
එමෙන්ම සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම පවතින කාලරාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමත්, විභාග පැවැත්වීමට අදාල අංශ හා මේ වන විට සැලසුම් කරමින් තිබෙනවා.
එකී අධ්‍යයන කාලරාමුව තුළ නිවැරදිව ගමන් කිරීම තුළින් අ.පො.ස උසස් පෙළ හා 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමටත් හැකියාව ලැබෙන බවද වැඩිදුරටත් සඳහන්.