මිල වැඩි වූ ගෑස් නිසා අලුත් මනමාලියට වුණු අකරතැබ්බ
Saturday, 30 October 2021 - 12:20 | Views - 1,570
ගෑස් වැඩි නිසා ලාභදායක ලෙසට දර ළිපෙන් කෑම පිසීමට ගිය තම බිරියට වෙච්ච කැළල මකන්නට සැමියා ගෑස්වලට වඩා වැඩි මුදලක් වැය කරන පුවතක් ඇතුගල්පුරවරය තුළ පිහිටි මෙරට තුන්වැනි රාජධානි පෙදෙසකින් අසන්නට ලැබේ.
 
තරුණ වියේ දී නිසි  වයස සම්පූර්ණ වූ ඇය ගම්බද පෙදෙසක ඉහළ තනතුරක් හොබවන තරුණයකු සමග විවාහ විය.
 
විවාහයෙන් පසුව ඇය සැමියාගේ නිවසේ වාසයට පැමිණියාය.
 
ටික දිනකින් ඔහු ස්ථාන මාරුවක් ලැබ කොළඹ සේවයට ගියේය.
 
නිවසේ සිටි නවක බිරියගේ තනියට නැන්දම්මා පැමිණියාය.
 
දෙදෙනා එහි ගෑස් භාවිතා කරමින් ඉහුම් පිහුම් කටයුතුවල නියැළෙති.
 
හිටි හැටියේ ගෑස් මිල ඉහළ යාම නිසා ගෑස්වලට තිත තබා දර ළිප භාවිතා කිරීමට නැන්දම්මා තීරණය කළාය.
 
සිදාදියේ සිටි ලේළියට දර භාවිතයෙන් දුම්ගසනා  ළිපේ ගින්දර අසුන්දර වුවත් නැන්දම්මාගේ මතයට ඇය අකැමත්තෙන් වුවද කැමැත්ත පළ කළාය.
 
ලිප් ගල් වෙනුවට යකඩ තහඩු තුනක් සවිකර ළිප හැදුවාය. වත්තෙන් සොයා ගත් පොල් පිති, පොල් කටු, පොල් ලෙලි හා දර භාවිතා කරමින් ගින්දරෙන් කෑම පිසින්නට නැන්දම්මා පියවර ගත්තාය.
 
එය බලා සිටි ඇය පසුදින පාන්දරින්ම නැන්දම්මාට පෙර අවදි වී ගින්දර පත්තු කර කෑම පිසිමින් සිටියාය.
 
ටික වේලාවකට පසුව ඇය නැගූ විලාපය නැන්දම්මාට සේම අවට නිවෙස්වලට ද  දෝංකාර දුණි.
 
ඔවුන් වහ වහා කුස්සිය කරා  පැමිණි විට ඇය නාසය පුළුස්සාගෙන වේදනාවට පත්ව විලාප නගනා අයුරු දැක ගැනීමට හැකි වුණි.
 
ළිපට ළං වී පිඹිනා විට ලිප් ගල් වෙනුවට සවිකර තිබූ රත් වූ යකඩ කණුවල නාසය ගැටීමෙන් නාසයට පිළිස්සුම් තුවාල සිදු වී තිබේ.
 
ඇය රෝහල් ගත කෙරුණි.
 
ඇයගේ තුවාලය  දැනට සුවපත් වී ඇතත් කැළල මැකී ගොස් නැත. 
 
එය සුවපත් කරන්නට සැමියා ඇය කැටුව විශේෂඥ වෛද්‍යවරුන් සොයා යන බවත්, ගෑස් එකකට නොව ගෑස් දුසිමකට වඩා වැඩි මුදලක් මේ වනවිට සැමියා ඒ වෙනුවෙන් කාබාසිනියා කර ඇති බවත් පවුලේ උදවිය පවසති.
 
සිසිර කැලේගම 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top