සුපිරි 12 වටයේ සිංහයන්ගේ තෙවැනි තරගය අද
Saturday, 30 October 2021 - 10:07 | Views - 225
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තවත් තරගයකට ශ්‍රී ලංකාව අද මුහුණදෙනවා.

සාජා හිදී පැවැත්වෙන එම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු අප්‍රිකාවයි.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය තුළ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම වැදගත් බවයි ක්‍රිකට් විචාරකයින් පැවසුවේ.

මේ අතර අද  තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සහිතව ක්‍රීඩා කිරීමට ඇති ඉඩකඩ වැඩි බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසුවේ.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ දසුන් ශානක කියා සිටියේ අද තරගය පැවැත්වෙන සාජා තණ තීරුව වේගපන්දු යවන්නන්ට මනා සහයෝගයක් ලබාදෙන තණ තීරුවක් බවයි.

පවතින වාසි සහගත තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කරන බවත් ඒ අනුව කණ්ඩායමේ සංයුතිය තීරණය කරන බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top