මානසික ව්‍යාකූලතාවන්ට ලක්වීම හේතුවෙන් සායන වෙත පැමිණෙන ළමා හා යොවුන් දරුවන් ප්‍රමාණය පසුගිය වසර දෙක තුළ සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී කැළණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාගම ශික්ෂණ රෝහලේ ළමා හා නව යොවුන් සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස සඳහන් කළේ ඩිජිටල් තිරවලට ඇබ්බැහිවීමේ මානසික තත්වය නව යොවුන් දරුවන් සහ තරුණයන් අතර බහුලව දක්නට ලැබෙන බවයි.