සඳුදා සිට සීසන් නොමැති මගීන්ටත් දුම්රියේ ගමන් කිරීමට අවසර
Saturday, 30 October 2021 - 8:24 | Views - 1,044
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 70ක් එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, යුරෝපා සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම වයස අවුරුදු 30 ඉක්මවූ ජනගහණය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති ඩෙනී චයිබී ඇතුලු පිරිසක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී හමුවෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

කොරෝනා වසංගතය පාලනයට යුරෝපා ආයෝජන බැංකුව හරහා යුරෝ මිලියන 100 ක විශේෂ සහන ණය ආධාරයක් ලබා දීම පිළිබඳවද මෙහිදී යුරෝපා සංගම් තානාපතිවරයා සාකච්ඡා කර ඇති බව සඳහන්.

මේ අතර ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් 556 සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 539,416 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා මරණ 10ක් ඊයේ (30) වාර්තා වූ අතර මේ වන විට මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,706 ක් ලෙසින්.

එමෙන්ම මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ පළාත් සංචරණ සීමා හෙට (31) අලුයම 4ට අවසන් කිරීමත් සමග අනිද්දා සිට පළාත් අතර බස් රථ මෙන්ම දුම්රියද ධාවනය කිරීමට නියමිතයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ බස් රථ ධාවනයේදී ආසනගත මගීන් පමණක් රැගෙන යා යුතු බවයි.  

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර, දුම්රිය ධාවනය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළා.

එහිදී ඔහු කියා සිටියේ අනිද්දා (01) සිට සියලු මගීන්ට දුම්රියේ ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

මීට පෙර දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර හිමිව තිබුණේ වාර ප්‍රවේශපත් හිමි මගීන්ට පමණයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top