අපවත් වී වදාළ ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දිස්ත්‍රික් දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති , සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති , සද්ධම්මජෝතිකධජ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව 2021.10.31 ඉරුදින නිදහස් චතුරශ්‍රයේ දී පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතයි.
එබැවින් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමට යුතුයි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.