31 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ
Friday, 29 October 2021 - 15:54 | Views - 9,397
අපවත් වී වදාළ ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දිස්ත්‍රික් දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති , සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති , සද්ධම්මජෝතිකධජ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව 2021.10.31 ඉරුදින නිදහස් චතුරශ්‍රයේ දී පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතයි. 

එබැවින් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර තිබේ. 

ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමට යුතුයි. 
 
මෙම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top