කාදිනල් හිමිපාණන්ගෙන් කතෝලික මන්ත්‍රිවරුන් කැඳවයි
Friday, 29 October 2021 - 13:20 | Views - 458
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පැවැත්වෙනවා.

බොරැල්ල - බැල්කම් පෙදෙසේ පිහිටි රදගුරු සංසදයේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා රදගුරු පදවි දොළහ නියෝජනය කරන සියලු රදගුරුවරුන් එක්වීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු වන පරීක්ෂණ කටයුතු පිළිබඳව සහ ඉදිරියේදී එළැඹිය යුතු නෛතිකමය ක්‍රියාමාර්ග ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්.

පාස්කු ප්‍රහාරයට මාස 30ක් ගතවීම නිමිත්තෙන් පසුගිය දා පැවති විශේෂ දේව මෙහෙයකදී කාදිනල් හිමිපාණන් සඳහන් කළේ, යුක්තිය ඉල්ලා තමන් ඇතුළු කතෝලික සභාව වෙනත් මඟකට යොමුවීමට පෙර සත්‍යය හෙළි කිරීම බලධාරීන්ගේ වගකීමක් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top