අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පැවැත්වෙනවා.
බොරැල්ල - බැල්කම් පෙදෙසේ පිහිටි රදගුරු සංසදයේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මේ සඳහා රදගුරු පදවි දොළහ නියෝජනය කරන සියලු රදගුරුවරුන් එක්වීමට නියමිතයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු වන පරීක්ෂණ කටයුතු පිළිබඳව සහ ඉදිරියේදී එළැඹිය යුතු නෛතිකමය ක්‍රියාමාර්ග ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්.
පාස්කු ප්‍රහාරයට මාස 30ක් ගතවීම නිමිත්තෙන් පසුගිය දා පැවති විශේෂ දේව මෙහෙයකදී කාදිනල් හිමිපාණන් සඳහන් කළේ, යුක්තිය ඉල්ලා තමන් ඇතුළු කතෝලික සභාව වෙනත් මඟකට යොමුවීමට පෙර සත්‍යය හෙළි කිරීම බලධාරීන්ගේ වගකීමක් බවයි.