මූඩීස් වාර්තාවට - මහ බැංකුවෙන් චෝදනා
Friday, 29 October 2021 - 10:19 | Views - 239
මූඩීස් ජාත්‍යන්තර ආයෝජන සේවාව මඟින් මෙරට ක්‍රයශක්ති වර්ගීකරණය පහත හෙළීම කාලානුරූප නොවන බව මහබැංකුව පවසනවා.

2022 අයවැය ප්‍රකාශයට පත් කිරීමට ආසන්නව සිටිද් දී එම පියවර ගැනීම රජයේ මූල්‍ය සැළසුම් වටහා ගැනීමෙන් තොරව සිදුකර ඇති බවයි එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මූඩීස් ආයෝජන සේවාව මගින් මෙරට දිගුකාලීන විනිමය නිකුතු සහ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණය වර්ගීකරණය සී.ඒ.ඒ. එකේ සිට සී.ඒ.ඒ. දෙක දක්වා පහත හෙළනු ලැබුවා.

ඒ සඳහා මූඩීස් ආයතනය සළකා බලා ඇත්තේ මෙරට කල්පිරෙන විදේශ විනිමය බැඳුම්කර සහ විදේශ විනිමය සංචිත පහත වැටීමයි.

කෙසේ නමුත් මෙහිදී මෙරට සුභවාදී වර්ධනයන් සැළකිල්ලට ගෙන නොමැති බව මහ බැංකුවේ අදහසයි.

එමෙන්ම එමඟින් නැඟී එන වෙළඳපොළවල ධනාත්මක වර්ධනයන් සහ අපේක්ෂාවන් සිතාමතාම නොසලකා හරිමින් ඍණාත්මක අවදානම් හුවා දැක්වීමට කටයුතු කරන බව ද මහ බැංකුව පෙන්වා දෙනවා.

එය, අදාළ ආයෝජන සේවා සමාගම්වල බරපතල පාලන දුර්වලතා පිළිබිඹු කරන බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top