ලෝක ආඝාත දිනය අදයි.
මෙවර එය පැවැත්වෙන්නේ “මොහොතක පමාව, දිවියක නිමාව කර නොගනිමු” යන්න තේමා කර ගනිමින්.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, මේ වන විට වසරකට ශ්‍රී ලංකාවෙන් ආඝාත හෙවත් අංශභාග රෝගීන් 60,000ක් පමණ වාර්තා වන බවයි.
වසර 10ක් තුළ රෝහල් ගත වන ආඝාත රෝගීන් සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළා.
එමෙන්ම මෙරට සිදු වන මරණවලින් 6කට ප්‍රධාන ම හේතුව වී ඇත්තේද ආඝාතයයි.
මෙරට ජනතාවගේ ආබාධිතවීම්වලට 5 වන ප්‍රධානතම හේතුව වන්නේද ආඝාත තත්ත්වයන් වීම විශේෂත්වයක්.
සෑම වසරකම ලොව ජනගහණයෙන් මිලියන 13.7ක් ආඝාත රෝගී තත්වයට ලක්වන අතර ඉන් මිලියන 5.5 ක් මිය යනවා.
හෘදයේ සිට මොලයට රුධිරය රැගෙන යන රුධිර නාලවල අවහිර වීම මුල් කර ගනිමින් ආඝාත රෝගී තත්ත්වය ඇති වන අතර, රෝග ලක්ෂණ නිරීක්ෂණය වන මුල් අවස්ථාවේදීම හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.