ලෝක ආඝාත දිනය අදයි - වසරකට මෙරටින් අංශභාග රෝගීන් 60,000ක්
Friday, 29 October 2021 - 9:51 | Views - 412
ලෝක ආඝාත දිනය අදයි.

මෙවර එය පැවැත්වෙන්නේ “මොහොතක පමාව, දිවියක නිමාව කර නොගනිමු” යන්න තේමා කර ගනිමින්.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, මේ වන විට වසරකට ශ්‍රී ලංකාවෙන් ආඝාත හෙවත් අංශභාග රෝගීන් 60,000ක් පමණ වාර්තා වන බවයි.

වසර 10ක් තුළ රෝහල් ගත වන ආඝාත රෝගීන් සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළා.

එමෙන්ම මෙරට සිදු වන මරණවලින් 6කට ප්‍රධාන ම හේතුව වී ඇත්තේද ආඝාතයයි.

මෙරට ජනතාවගේ ආබාධිතවීම්වලට 5 වන ප්‍රධානතම හේතුව වන්නේද ආඝාත තත්ත්වයන් වීම විශේෂත්වයක්.

සෑම වසරකම ලොව ජනගහණයෙන් මිලියන 13.7ක් ආඝාත රෝගී තත්වයට ලක්වන අතර ඉන් මිලියන 5.5 ක් මිය යනවා.

හෘදයේ සිට මොලයට රුධිරය රැගෙන යන රුධිර නාලවල අවහිර වීම මුල් කර ගනිමින් ආඝාත රෝගී තත්ත්වය ඇති වන අතර, රෝග ලක්ෂණ නිරීක්ෂණය වන මුල් අවස්ථාවේදීම හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top