අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, සියම් මහ නිකායේ මල්වතු විහාර පාර්ශවයේ, කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කෙරෙන්නේ අනිද්දා පස්වරුවේයී.
මේ වනවිට උන්වහන්සේ ශ්‍රී දේහය පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණෙහි තැන්පත් කර තිබෙනවා.
ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදුන්නේ.