ලොව විශාලතම සමාජ මාධ්‍යය වන ෆේස්බුක් හි ආයතනික නාමය මෙටා ලෙස වෙනස් කර තිබෙනවා.
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකබර්ග් ප්‍රකාශ කළේ, සිය ආයතනය මගින් සලසන පුළුල් සේවාවන් නිරූපණය කිරීම සඳහා ෆේස්බුක් මෙලෙස ප්‍රතිසන්නාමගත කළ බවයි.
කෙසේ නමුත් මෙහිදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ආයතනයට අයත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සන්නාමයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති.
මව් සමාගමේ නම පමණක් මෙලෙස ඔබ්බට යන අරුත් ඇති මෙටා ග්‍රීක වදනින් මින් ඉදිරියට හඳුන්වනු ලබනවා.
2015 වසරේදී ගූගල් සමාගමද සිය ආයතනික නාමය ඇල්ෆබට් යනුවෙන් ප්‍රතිසන්නාම ගත කළ අතර, එය, පුළුල් භාවිතයේ යොදාගැනීමක් දක්නට ලැබුණේ නැහැ.
ෆේස්බුක් හි නව ආයතනික නාමය මෙටා හෙවත් මෙටාවර්ස්, මඟින් ඉදිරි අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරූපණය කෙරෙන බවයි මාක් සකබර්ග් වැඩිදුරටත් සඳහන් කළේ.
විශේෂයෙන් වර්චුවල් රියැලිටි තාක්ෂණය ඔස්සේ ග්‍රාහකයන්ට අන්තර්ජාල ක්‍රීඩා, කාර්යාලයීය ක්‍රියාකාරකම් මෙන්ම සන්නිවේදනය වඩාත් තාත්විකව අත්විඳීමට සැළසීම මෙටාහි ආයතනික අරමුණයි.
වෙනස් වූ සලකුණ පහළින් ..
මින් පෙර නාමික සළකුණු පුවරුව ගලවා දමා .. facebook නව නාමය සහිත පුවරුව සලකුණ දිස් වුයේ මෙලෙසයි