අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හයදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
මේ අතර මාතර හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස ද පත්කර ඇති බවයි, පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ එම තනතුරේ සිටම පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුකර තිබෙනවා.
එමෙන්ම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි නුවන් වෙදසිංහ එම තනතුරට අමතරව මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද පත්කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.