බස් රථ හිමියන්ට සහන දෙන්න - ඇමතිගෙන් උපදෙස්
Thursday, 28 October 2021 - 14:32 | Views - 420
කොරෝනා වසංගතය හේතුවෙන් අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමට බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේදී පෞද්ගලික බස් රථ හිමියන් සමඟ අද පැවති සාකච්ඡාවකින් පසුවයි.
අදාළ සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ඉල්ලා ඇත්තේ මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීමට සහ ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට මැදිහත්වන ලෙසයි.
මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින් ධාවනය වන බස් රථ සඳහා නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ප්‍රවාහන අමාත්‍යවරිය එහිදී බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
Share This Article