හේෂා, චමින්ද පක්ෂය හැර යයි ද? තීරණය අද
Tuesday, 26 October 2021 - 12:10 | Views - 182

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ ඔවුන්ගේ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අවසන් ස්ථාවරය අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වෙන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකද දී දැනුම් දීමට නියමිතයි.ඌව පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ නායකත්වය සහ එහි ගන්නා ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක මුඛයෙන් කතා කළා.එහි දී සමගි ජන බලවේගය පක්ෂ නායක, සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළ ඔහු නැගූ ප්රමුඛ චෝදනාව වූයේ, විපක්ෂ නායකවරයා බොර දියේ මාළු බාමින් බලයට පැමිණෙන්නට උත්සාහ කරන බවයි.සිය ස්ථාවරයේ රැඳී සිටිමින් පක්ෂයෙන් ඉවත් වීමට වුවද තමන් සූදානම් බව එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.කෙසේ වෙතත් මෙම සිදුවීම් මාලාවත් සමඟ සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් උග්‍ර වූ අතර, රටේ මේ වන විට පවතින වාතාවරණය යටතේ විපක්ෂයක් ලෙස සමගි ජනබල බලවේගය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයෙන්ම විවිධ විවේචන මතුවන්නට පටන් ගත්තා.
Share This Article