මකෝ කුමරිය කිරුළ අත්හැර විවාහයට යයි (Photos)
Tuesday, 26 October 2021 - 10:15 | Views - 385
ජපානයේ මකෝ කුමරිය ඇගේ පාසල් සමයේ පෙම්වතා වූ කෙයික් කොමුරු සමඟ අද විවාහ දිවියට එළඹි තිබෙනවා. ජපාන නීතියට අනුව සාමාන්‍ය පුරවැසියෙකු හා විවාහ ගිවිස ගන්නා රජ කුමරියකගේ රාජකීය තනතුරු අහිමි වන අතර, ඇයට රාජකීය මංගල්‍යයක් ද හිමි වන්නේ නැහැ.

එමෙන්ම, රජ පවුලෙන් නික්මෙන විට ලැබෙන විශාල දීමනාවට ද ඇය හිමිකම් නොකියන බව සඳහන්. මකෝ කුමරිය සිය දෙමව්පියන් වූ කිරුළ හිමි ෆුමිහිටෝ කුමරු සහ කිකෝ කුමරිය වෙත කිහිප වරක් ආචාර කොට සිය සොහොයුරිය වැළඳගෙන ජපාන වේලාවෙන් අද උදෑසන 10ට පමණ විවාහ ලියාපදිංචිය සඳහා නික්ම ගිය බවයි ජපාන මාධ්‍ය සඳහන් කළේ. 
 
මොවුන් අතර සම්බන්ධතාව ජපානයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූවක්. කෙසේ නමුත් විවාහයෙන් පසු මකෝ සහ කොමුරු ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිය සඳහා යාමට නියමිතයි. සාමාන්‍ය පවුලක තැනැත්තියක විවාහ ගිවිස ගන්නා ජපානයේ රජ කුමරෙකුට මෙලෙස රාජකීය වරප්‍රසාද අහිමි නොවීම විශේෂත්වයක්.
 
What to Know About Princess Mako, Who Postponed Wedding | PEOPLE.com
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top