ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (24) පැවති සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම විශේෂ රැස්වීම පැවති අතර මෙහිදී ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.