2020 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ඉසෙඩ් ස්කෝර් අගයන් මෙම සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළා.
2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන විෂය ධාරා යටතේ දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යයන පාඨමාලාවලට තෝරා ගන්නා ප්‍රතිශත පසුගියදා නිකුත් කිරීමටයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පියවර ගනු ලැබුවේ.