නැවතත් කොවිඩ් පැතිරීමේ අවදානමක් - නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත්
Monday, 25 October 2021 - 10:21 | Views - 1,081
පසුගිය දීර්ඝ සති අන්තය අපේ දේශීය සංචාරකයින් පැමිණීම හේතුවෙන් එකම ස්ථානයකට බොහෝ පිරිස් පැමිණ සිටියා. මෙම ස්ථානවල බොහෝ පිරිස් පැමිණීම හේතුවෙන් නැවතත් මෙම රෝගය පැතිරීමේ අවදානමක් තිබෙනවා. සෞඛ්‍ය අංශ පසුගිය කාලසීමාවේ ඇඳන් 55,000 ම සූදානම් කරල අවශ්‍ය කරන ඔක්සිජන් ධාරිතාව ලබා දීලා කටයුතු කරලා ඉතාමත්ම අපහසුවෙන් තමයි මේ තත්ත්වය නැවත ගොඩනඟා ගත්තේ. 
 
එම නිසා නැවතත් එවැනි තත්ත්වයකට යාමට ඉඩ නො තබා කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දීර්ඝ කාලයකට පසු දරුවන් පාසල් ආරම්භ කරා. එම නිසා ඔවුන්ට පාසල් කටයුතු කරගෙන යාමට නම් වැඩිහිටියන් වශයෙන් අපි ඉතාමත්ම පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. ගුරුවරුන් දෙමව්පියන් අධ්‍යාපන බලධාරීන් සියල්ල එකතු වෙලා පාසල් දරුවන්ගේ ආරක්ෂාව ගැන කටයුතු කළ යුතුයි.
 
පාසල තුලට මෙම රෝග පැමිණීමේ අවස්ථාවන් අප මග හැරිය යුතුය. එම නිසා පාසල් සිසුන් පාසල් වේලාවෙන් පසු සෙනග ගැවසෙන ස්ථානවලට නොගිහින් පරිස්සම් විය යුතු අතර ගුරුවරුන් ඒකරාශී වීම් වලින් තොර විය යුතුයි. එසේ නොකිරීමෙන් අපි දරුවන් අනතුරේ හෙලීමක් සිදු කරනවා. 
 
මේ වන තුරුත් සුදුසුකම්ලත් ඕනෑම වයස් කාණ්ඩයක යම් කිසි කෙනෙක් එන්නත ලබා නොගෙන සිටිනවා නම් හැකි ඉක්මනින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න. එන්නත ලබා ගත් පමණින් රෝගය බෝ නොවී තිබෙන්නේ නැහැ..නමුත් ඔබට සංකූලතා සහ මරණය අවම කරනවා. එම නිසා තවමත් එන්නත ලබා නොගත් සියලු දෙනාට අපි කියනවා එන්නත හැකි ඉක්මනින් ලබාගන්න කියලා. දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන මාර්ග උපදෙස් අපි මීට පෙර ලබාදී තිබෙනවා. 
 
යම්කිසි විදිහකින් කවුරුන් හෝ කියනවා නම් ඒවා නොලැබුණා කියලා. ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරියේදී කටයුතු කළ යුතුයි. විවාහ උත්සවයක් මරණ ගෙයක් නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක තමයි අප මේ පසු වන්නේ එම නිසා මෙම රෝගය නැවත ඇතිවන්නට දී එම සීමාවන් තවදුරටත් ඇතිකර ගන්නේ නැතුව එම කටයුතු නිසියාකාරව ඉදිරියේ දී පවත්වාගෙන යාමට සුදුසු වටපිටාවක් සකස් කරගැනීම අප සියලු දෙනාගේම වගකීමක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top