දිවයින පුරා සියලු පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි අද සිට ඇරේ
Monday, 25 October 2021 - 7:53 | Views - 629
දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික ශ්‍රේණි අද සිට යළි ආරම්භ වනවා.

කොරෝනා ව්‍යාප්තිය අඩු වීමත් සමග ළමයින් 200ට අඩු පාසල් පසුගිය 21 වන දා සිට විවෘත කිරීමට කටයුතු කෙරුණා.

එහි තවත් එක් පියවරක් ලෙසයි සියළුම පාසල්වල ප්‍රාථමික අංශය අද (25) සිට විවෘත කරනු ලබන්නේ.

එසේම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ප්‍රාථමික අංශවල ළමයින් පාසලට එවීමට කිසිවිටෙකත් බියවීමට අවශ්‍ය නොවන බවයි. 

මේ අතර අද දිනයේ පාසල්වලට පැමිණෙන ළමුන්ට නිල ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ (24)  සඳහන් කළා.

ඔහු සඳහන් කළේ වසරකට වැඩි කාලයක් පාසල් නොපැවැත්වුණු බැවින් මේ වනවිට බොහෝ දරුවන්ට දැනට පවතින නිල ඇඳුම් භාවිතා කළ නොහැකි බවට වාර්තා වී ඇති බවයි.

ඒ හේතුවෙන් පාසලට පැමිණීමේදී වඩාත් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම යෝග්‍ය බව ලේකම්වරයා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අන්තර් පළාත් සංචරණ සීමා යටතේ වුව ද පාසල් අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව හිමිවන බවයි.

කෙසේ වෙතත්, අද සිට ප්‍රාථමික අංශ විවෘත කළ ද සිසුන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුනොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය ප්‍රකාශ කළා.  

කොළඹ ඊයේ (24) මාධ්‍ය හමුවක් කැදවමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, අද සිට තම වෘත්තීය සමිති අරගලය වෙනත් මානයකින් සිදුකරන බව ප්‍රකාශ කළා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top