කුඩා දරුවන් එන්නත්කරණය ගැනත් බලාපොරොත්තුවක් (Video)
Saturday, 23 October 2021 - 14:35 | Views - 537
වයස අවුරුදු 12ට අඩු ළමයින් එන්නත්කරණයට අවශ්‍ය දත්ත ලබා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවළ යටතේ අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් එන්නත්කරණය කිරීමේ කටයුතු මේ වනවිට බස්නාහිර පළාතේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ සිදු කෙරෙනවා.එම වැඩසටහන අද නිල වශයෙන් ආරම්භ කෙරුණේ, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්.ඒ අනුව අද සිට සෑම සෙනසුරාදා දිනකම එම කටයුතු සිදු කෙරෙනු ඇති.සිසුන් එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට පාසල් සිසුන් 139,000කට පමණ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී තිබෙනවා.ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ, එන්නත්කරණය හේතුවෙන් කිසිදු සිසුවෙකු සංකූලතාවයට ලක් වීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
Share This Article