කුඩා දරුවන් එන්නත්කරණය ගැනත් බලාපොරොත්තුවක් (Video)
Saturday, 23 October 2021 - 14:35 | Views - 538
වයස අවුරුදු 12ට අඩු ළමයින් එන්නත්කරණයට අවශ්‍ය දත්ත ලබා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවළ යටතේ අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් එන්නත්කරණය කිරීමේ කටයුතු මේ වනවිට බස්නාහිර පළාතේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ සිදු කෙරෙනවා.

එම වැඩසටහන අද නිල වශයෙන් ආරම්භ කෙරුණේ, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්.

ඒ අනුව අද සිට සෑම සෙනසුරාදා දිනකම එම කටයුතු සිදු කෙරෙනු ඇති.

සිසුන් එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට පාසල් සිසුන් 139,000කට පමණ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ, එන්නත්කරණය හේතුවෙන් කිසිදු සිසුවෙකු සංකූලතාවයට ලක් වීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top