බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව සුදානම් වී තිබෙනවා.
ඒ අනුව පහත දැක්වෙන දුම්රිය කාලසටහනට අනුකූලව එළඹෙන සඳුදා සිට දුම්රිය ධාවනය සිදුවෙනු ඇති.
එසේම දුම්රියේ ගමන් ගත හැක්කේ අත්‍යාවශය සේවයන් සඳහා ගමන් ගන්නා දුම්රිය මඟීන්ට බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.