20-20 ලෝක කුසලානයේ සුපර්ලීග් වටයේ තරග අද සිට
Saturday, 23 October 2021 - 9:56 | Views - 175
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපර්ලීග් වටයේ තරග අද ආරම්භ වනවා.සුපර්ලීග් වටය අරඹමින් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අද (23) පස්වරුවේ තරග බිමට පිවිසෙන අතර එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද අද තරග බිමට පිවිසෙන්නේ සුපර්ලීග් වටයේ දෙවන තරගයට සඳහායි.ශ්‍රී ලංකාව මුහුණදෙන සුපර්ලීග් වටයේ පළමු තරගය හෙට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන්නේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.සුපර්ලීග් වටය සඳහා 'එක' සහ 'දෙක' යන කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම 12ක් තරග වදිනවා.'එක' කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරග වදින්න අතර බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව එම කාණ්ඩයෙන් තරගවදින අනෙකුත් රටවල් වනවා.'දෙක' කාණ්ඩයෙන් සුපර්ලීග් වටයේ දී තරග වදින්නේ ඉන්දියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, නැමීබියාව, පාකිස්ථානය සහ ස්කොට්ලන්තයයි.
Share This Article