කොරෝනා හැරී යන විට ඩෙංගු පැමිණෙයි
Saturday, 23 October 2021 - 9:35 | Views - 363
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග ඩෙංගු රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 21,154ක් වාර්තා වී ඇති බවයි.

ඩෙංගු රෝගයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 10ක්.

බස්නාහිර පළාතට අමතරව, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වනවා.

මේ වනවිටත් මදුරු මර්දන වැඩසටහන් බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.

නැවත පාසල් ආරම්භ කිරීම සිදුවන අවස්ථාවේ පාසල් පරිශ්‍ර තුල මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම ද අතිශය වැදගත් වන බවද ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කළා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top