කොරෝනා හැරී යන විට ඩෙංගු පැමිණෙයි
Saturday, 23 October 2021 - 9:35 | Views - 364
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග ඩෙංගු රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 21,154ක් වාර්තා වී ඇති බවයි.
ඩෙංගු රෝගයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 10ක්.
බස්නාහිර පළාතට අමතරව, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වනවා.
මේ වනවිටත් මදුරු මර්දන වැඩසටහන් බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.
නැවත පාසල් ආරම්භ කිරීම සිදුවන අවස්ථාවේ පාසල් පරිශ්‍ර තුල මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම ද අතිශය වැදගත් වන බවද ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කළා.
Share This Article