උපකාරක පන්ති යළි ඇරඹෙන හැඩ
Saturday, 23 October 2021 - 9:09 | Views - 896
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඊට එක්වූ එහි සභාපති අමිත් පුස්සැල්ල ප්‍රකාශ කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේෂ ලද විගස නොවැම්බර් පළමු වැනි දා සිට උපකාරක පන්ති ආරම්භ කරන බවයි.

එමෙන්ම සියලු දහම් පාසල් වල 8 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා නොවැම්බර් 7 වැනි දා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය ඉල්ලා සිටි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළා.

මේ අතර විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම පිළිබඳව ලබන සතියේ ප්‍රකාශයක් නිකුත් කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග හිරු ප්‍රවෘත්තී අංශය කළ විමසීමකදී කියා සිටියේ.

එමෙන්ම දිවයිනේ සියලුම පාසල් වල ප්‍රාථමික අංශ ද ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර, සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලැබූ මෙරට පුද්ගලයින්ට ෆයිසර් බයෝ එන්ටෙක් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීම ලබන 1 වැනි දා සිට ආරම්භ කිරීමටයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එහි දී මුළින්ම සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ හා සංචාරක ක්‍ෂේත්‍රයන්හි ඉදිරි පෙළ පුද්ගලයින්ට ප්‍රමුඛතාව හිමිවනු ඇති.

මේ අතර වයස 16ත් 18ත් අතර පාසල් සිසුන් එන්නත්කරණයට ලක් කිරීමේදී දෙමව්පියන්ගේ අනුමැතිය අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එසේම ළමුන් සියයට අඩු උපකාරක පන්ති නොවැම්බර් පළමු වැනි දා සිට යළි ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේෂ කඩිනමින් නිකුත් කිරීමට ඊයේ පැවති කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය වී ඇති බව සඳහන්. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top