කතෝලික පාසැල් ද ඇතුලුව දිවයිනේ සියලු පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳුදා ඇරඹෙයි
Saturday, 23 October 2021 - 8:01 | Views - 847
දිවයිනේ සියලුම පාසල් වල ප්‍රාථමික අංශ ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.

ඊට අදාළ නිර්දේශ ද මේ වනවිට කොවිඩ් මර්දන කමිටුව විසින් ලබා දී ඇති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මාස 6කට වැඩි කාලයක් දිවයිනේ සියලු පාසල් වසා තැබුණු අතර ඊයේ 21 සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට පියවර ගැණුනා.

එමෙන්ම පාසල් විවෘත කිරීමට රජය ගත් තීරණයට සමගාමීව දිවයිනේ සියලුම කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද ලබන 25 වන සඳුදා විවෘත කෙරෙන බවයි අගරදගුරු කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර කොවිඩ් මර්දන විශේෂ කමිටුව ද තීරණය කර ඇත්තේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලු පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමටයි.

උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිලිබඳව ද ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළත එන්නත් ලබාදී අවසන් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

මේ අතර ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු  සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

පාසල්වල අනෙකුත් ශ්‍රේණි ආරමභ කරනු ලබන දින පිළිබඳ පසුව දැනුම්දෙන අතර කොවිඩ් 19 වසංගත තත්වය තුළ සියලු සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කර බාධාවකින් තොරව පවත්වා ගැනීමට සියලුදෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා කියාසිටියේ.

මේ අතර, රාජ්‍ය දේපල වලට හානි සිදු කිරීම යටතේ වැලිමඩ - මාලිගාතැන්න විද්‍යාලයේ ගේට්ටුවේ ඉබි යතුරු කඩා දමා පාසල විවෘත කිරීමට කටයුතු කළ ගුරුවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ 25 වනදා පාසල් ආරම්භ කිරීමෙන් පසු පාසල් පැමිණ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන බවයි.

කෙසේ වෙතත්, යළි පාසල් පැමිණීම වෘත්තීය සටන පාවාදීමක් ලෙසයි ඔවුන් ඔන්ලයින් වර්ජනයට එක්ව සිටින අධ්‍යාපන වෘත්තීකයන්ගේ සංගමයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මේ අතර, කතෝලික පාසල් වල ප්‍රාථමික අංශය ද ලබන සඳුදා සිට ආරම්භ වනවා. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top