පොලිසියේ නොමනා හැසිරීම - දුරදිග ගිය කඩවත ගැටුම (Video)
Saturday, 23 October 2021 - 7:47 | Views - 1,434
කඩවත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් අනතුරුව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් බීමත්ව සිවිල් ඇඳුමින් පැමිණි බවටයි.

කඩවත - කුප්පියාවත්ත - දේවානන්ද මාවත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව ඊට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයට ගොස් තිබුණා.

එහිදී ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක්ද සිදුකර තිබෙනවා.

පසුව අදාළ පුද්ගලයාද සමගින් මෙම සිද්ධිය ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ බව කියන පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන කඩවත පොලිසිය වෙත රැගෙන ගොස් තිබුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ පැමිණිල්ලක්ද නොමැතිව පොලිසිය අනෙක් පාර්ශ්වයේ බලපෑම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවටයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් පාර්ශ්වයට අනෙක් පාර්ශ්වයෙන් රුපියල් 25,000ක මුදලක් ලබාදීමේ පොරොන්දුව මත අද පෙරවරුවේ සිද්ධිය සමථයකට පත්ව තිබෙනවා.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදීම මියයාම සම්බන්ධයෙන් සාධාරණය ඉටු නොවූ බව පවසමින් මියගිය තරුණයාගේ ඥාතීන් පිරිසක් අද කඩුවෙල පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top