සිපෙට්කෝ ත් ඉන්ධන මිල ඉහළ දමනවාද? - තීරණය අද සවස
Friday, 22 October 2021 - 14:24 | Views - 881
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග ඛනිජ තෙල් මිල මත පැටවෙන පීඩනය පිළිබඳව අද (22) සවස සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ඛනිජ තෙල් මිල ඉහළ දමන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ.
කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළඳපළේ ඛනිජ ඛනිජ තෙල් මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බැවින් ඒ අනුව යමින් මෙරට ඛනිජ තෙල් මිල ඉහල දමන්නේ ද යන්න පිළිබඳව තහවුරු කිරීමට ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රතික්ශේප කළා.
Share This Article