කොරෝනා හේතුවෙන් මියගිය පුද්ගලයෙකු පළමු වරට කළු දිලීර රෝගය ආසාදනය වීමෙන් මරණයට පත් වූ බව වාර්තා වෙයි
කොවිඩ් රෝගයේ අතුරු ප්රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගයෙන් මෙරට සිදු වූ පළමු මරණය වාර්තා වෙනවා.
ගාල්ල කරාපිටිය රෝහලෙනුයි මෙම මරණය වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට සතියකට පෙර මිය ගිය අයෙක් වෙන අතර, ඔහුගේ මෘත ශරීරය සම්බන්ධ ව කළා පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවට අනුව, ඔහුට කළු දිලීර රෝගය වැළඳී තිබුණු බවයි වාර්තා වෙන්නේ.
මියගොස් ඇත්තේ, ඇල්පිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.