මාස දෙකක් වයසැති බිළිඳෙකු පත්තෑයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් මුන්දලම - දේවාලහන්දිය ප්රදේශයෙන් වාර්තා වනවා.
මාස දෙකයි දින 22ක් වයසැති මෙම බිළිඳා නිදි යහනේදීම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මව සහ වැඩිමහල් සහෝදරියන් සමඟ නිදා සිටියදියි.
අලුයම අවදි වී බැලීමේදී දරුවා නිහඬතාව හේතුවෙන් පරීක්ෂා කළ පසු බිළිඳාගේ පිටේ සීරීම් තුවාල සහිතව සිරුර සීතලව පැවතීම හේතුවෙන් දරුවා මුන්දලම රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
රෝහලට රැගෙන යනවිටත් දරුවා මියගොස් සිට ඇති අතර, දරුවාගේ පියා සිදු කළ පරීක්ෂාවකදී නිදි යහනේ සිටි පත්තෑයෙකු හමු වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.