ලොව පුරා කොරෝනාවෙන් මියගිය සෞඛ්‍ය සේවකයෝ
Friday, 22 October 2021 - 9:46 | Views - 357
කොරෝනා වසංගතයට ගොදුරු වී ලොව පුරා සෞඛ්‍ය සේවකයන් 80,000ත් 180,000ක් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා එම මරණ සිදුව ඇති බවයි එමඟින් ප්‍රකාශ කළේ.
ලොව පුරා කොරෝනා මර්දන කටයුතුවල නිරත සෞඛ්‍ය සේවක සංඛ්‍යාව මිලියන 135ක් පමණ වන බව සැළකෙනවා.
ලොව රටවල් 119ක දත්ත සැළකූ විට සෑම සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු පූර්ණ එන්නත්කරණය ලැබූ අයයි.
එහෙත් ගෝලීය වශයෙන් එහි අසමානතාවක් දැකිය හැකි අතර, අප්‍රිකානු මහද්වීපයේ පූර්ණ එන්නත්කරණය ලබා ඇත්තේ සෞඛ්‍ය සේවකයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණයි.
එහෙත් සංවර්ධිත රටවල සෑම සෞඛ්‍ය සේවකයින් 10 දෙනෙකුගෙන් අට දෙනෙකුම පූර්ණ එන්නත්කරණය ලැබූ අයයි.
Share This Article