ෆයිසර් බූස්ටර් එන්නත 95%කින් ඵලදායී
Friday, 22 October 2021 - 8:38 | Views - 377

ගත වූ දිනයේ කොරෝනා ආසාදිතයන් 555 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 533,860 දක්වා ඉහළ ගියා.
එමෙන්ම තුන්වන මාත්‍රාවක් ලෙස ලබාදෙන ෆයිසර් වර්ධක එන්නත මඟින් 95.6%ක ශක්‍යතාවක් පවතින බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම ප්‍රකාශ කළේ, වයස අවුරුදු 16 ඉක්ම වූ දස දහසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද තුන්වන අදියරයේ සායනික පරීක්ෂණයෙන් වර්ධක මාත්‍රාවේ ඉහළ ශක්‍යතාව සනාථ වී ඇති බවයි.
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පැතිරී ඇති අවස්ථාවක සිදු කළ එම අධ්‍යයනයේදී මෙලෙස වර්ධක මාත්‍රාවෙන් 95.6%ක ශක්‍යතාවක් පෙන්නුම් කර තිබෙනවා.
මේ නිසා තුන්වැනි මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් කොරෝනා වෛරස් ප්‍රභේදවලට එරෙහිව සුරක්ෂිතතාවක් ගොඩනගන බවද සමාගම පෙන්වා දී ඇති කරුණක්.
මේ අතර මෙරට වයස අවුරුදු 16ත් 19ත් අතර වයස් කාණ්ඩයේ පාසල් ළමයින්ට ෆයිසර් කොරෝනා එන්නත ලබාදීම අද සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, දිවයින පුරා පාසල් හරහා එම වයස් කාණ්ඩයේ ළමයින්ට මෙලෙස ෆයිසර් එන්නත ලබාදෙන බවයි.
මෙරටින් ඊයේ හඳුනා ගැනුණු නව ආසාදිතයින්ගෙන් 554 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩි පොකුරේ ආශ්‍රිතයින් වන අතර, විදේශයන් හි සිට පැමිණි එක් අයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 17,834ක්.
මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 502,464 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට තහවුරු කරන ලද මරණ 19ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,562 දක්වා ඉහළ ගියා.
මේ අතර, රට තුළ කොරෝනා වසංගත තත්ත්වයේ පාලනයක් ඇති වර්තමානයේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව එතරම් තැකීමකින් තොරව කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කළා.
Share This Article