දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම සවස 01න් පසු ව, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මධ්‍යම, සබරගමු, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම, සබරගමු, බස්නාහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
ගිගිරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික සුළං සහ අකුණු මඟින් ඇති විය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.