හලාවත - ඉරණවිල මුහුදු වෙරළට කුඩා බිළිඳියකගේ මළ සිරුරක් ගොඩ ගසා තිබියදී අද පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.
ඉරණවිල ප්‍රදේශයේ මාදැල් වාඩියක සේවකයෙකු, බිළිදියගේ සිරුර දැක දැනුම් දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම මළ සිරුර පසුගිය 18 වැනි දා මීගමුව - දුංගල්පිටිය ප්‍රදේශයෙන් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන් වූ අවුරුදු දෙකහමාරක් වයසැති බිළිඳියකගේ සිරුර බවටයි පොලිසිය සැක පළ කරන්නේ.