පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරඟයෙන් ලකුණු 70ක් ජයක් වාර්තා කිරීමත් සමඟයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළා.
එහිදී වනිදු හසරංග ලකුණු 71ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 61ක් රැස් කළා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩකයින්ට පන්දු වාර 18යි පන්දු 3ක් අවසානයේ සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.
පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ ලකුණු 17ට කඩුලු 3ක් ලබා ගත්තා.