රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා අසාදිතයින් මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එසේම, සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ, ඉදිරි සතියේ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි.
මේ වනවිට බිම් මට්ටමෙන් වැඩි වශයෙන් කොරෝනා අසාදිතයින් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
මේ නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.
ජනතාව ඉදිරි දින කිහිපය තුළ සංචරණය සීමා කරමින් වගකීමෙන් යුක්තව කටයුතු කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.