හිඟ විදුලි බිල්පත් සඳහා සහන ලබා ගන්නේ මෙහෙමයි
Monday, 18 October 2021 - 10:52 | Views - 2,745
හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මීට දින කිහිපයකට ඉහත දී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අද ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සහනය ගැනීමට යම්කිසි පාරිභෝගිකයෙකුට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ තමන්ට අදාල ශාඛාව වෙත ඉල්ලීමක් කළ යුතු බවයි.
තවද මේ සම්බන්ධයෙන් වැඩි විස්තර අවශ්‍ය නම් තම විදුලි බිල්පතේ සඳහන් දුරකථන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැකි බවද විදුලි බල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
මෙහිදී පාරිභෝගිකයාට විදුලිය විසන්ධි කිරීමකින් තොරව තම හිඟ බිල්පත වසරක කාලයක් සඳහා වාරික වශයෙන් ගෙවීම් කළ හැකියි.
එහිදී එම වාරිකයට අමතරව එම මස සදහා අය කරන බිල් පතද නොකඩවා ගෙවීමට සිදුවන බවද විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
එහිදී මාස 12ක වාරික වශයෙන් බෙදා ගෙවීම් කරන හිඟ මුදල සඳහා කිසිඳු වැඩි කිරීමේ ගාස්තුවක් අය නොකරන බවද සඳහන්.
Share This Article