ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර දිවියෙන් සමුගනී
Monday, 18 October 2021 - 10:31 | Views - 320
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර කොළඹ පෞද්ගලික රෝහලකදී අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට 68 වන වියේ පසුවූ ඔහු, පසුගිය 06 වනදා පෞද්ගලික රෝහලට ඇතුළත් කෙරුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.

එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ දකුණු පාදය ඉවත් කිරීමට ද වෛද්‍යවරුන්ට සිදු වූ බවයි.

ටෙස්ට් තරග හතරකට සහ ජාත්‍යන්තර එක්දින තරග 12 කට ක්‍රීඩා කර ඇති බන්දුල වර්ණපුර 1982 - 1983 දකුණු අප්‍රිකාව සමඟ තරගයකට සහභාගිවීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වුණා.

1979 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ද බන්දුල වර්ණපුරයි.


මොහු වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.


No photo description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top