ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර දිවියෙන් සමුගනී
Monday, 18 October 2021 - 10:31 | Views - 321
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර කොළඹ පෞද්ගලික රෝහලකදී අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යනවිට 68 වන වියේ පසුවූ ඔහු, පසුගිය 06 වනදා පෞද්ගලික රෝහලට ඇතුළත් කෙරුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ දකුණු පාදය ඉවත් කිරීමට ද වෛද්‍යවරුන්ට සිදු වූ බවයි.ටෙස්ට් තරග හතරකට සහ ජාත්‍යන්තර එක්දින තරග 12 කට ක්‍රීඩා කර ඇති බන්දුල වර්ණපුර 1982 - 1983 දකුණු අප්‍රිකාව සමඟ තරගයකට සහභාගිවීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වුණා.1979 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ද බන්දුල වර්ණපුරයි.
මොහු වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
Share This Article