උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් 16 දිනයේ පෙරවරුවේ පවත්වා තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදීයි.
නොවැම්බර් පළමුවනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සඳහන් කළේ.
ඒ අනුව, උපකාරක පන්ති ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳ ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කෙරෙනු ඇති.
කෙසේ වෙතත්, 16 දිනයේ සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තවදුරටත් උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ.
මේ අතර, පාසල් ළමයින් ප්‍රවාහනය කරන සංගම් විසින් ඒ සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ රථවාහන අමතර කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සහ මීට පෙර ඉන්ධන මිල ඉහළ යාමේදී සිය ගාස්තු ඉහළ නොදැමීම පදනම් කර ගනිමින්.
ඒ අනුව, ඉදිරියේදී පාසල් විවෘත කිරීමට කටයුතු කිරීමත් සමඟ මෙලෙස ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ.
මේ අතර, ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවුවහොත් බස් ගාස්තු සංශෝධනයකට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.