ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක්
Saturday, 16 October 2021 - 15:31 | Views - 617
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 24 තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම උතුර සහ උතුරු මැද පළාත්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද, විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා.
ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article