මැලේසියාවේදී දිවි හානිකරගත් කාන්තාවගේ දේහය දිවයිනට
Saturday, 16 October 2021 - 15:00 | Views - 762
මැලේසියාවේ රැකියාවකට ගොස් එහිදී දිවි හානිකර ගත් බවට පැවසෙන බේරුවල ප්‍රදේශයේ කාන්තාවගේ සිරුර අද දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ, 32 හැවිරිදි එම කාන්තාව මියගොස් මාස එකහමාරකට පසුවයි.

එම කාන්තාවගේ මරණය සැක සහිත බවට ඇගේ මව චෝදනා කරනවා.

2019.12.30 වැනි දා චතුරිකා ප්‍රියදර්ශනී මැලේසියාවේ රැකියාවක් සඳහා පිටත් වුණේ බලාපොරොත්තු රැසක් පෙරදැරි කරගෙනයි.

කොරෝනා වසංගතය තත්ත්වයත් සමග ඇය රූපලාවන්‍යාගාරයක රැකියාවට ගිය ඇයට එම රැකියාව කරගෙන යාමට හැකියාව ලැබුණේ මාස දෙකක පමණ කාලයක් පමණයි.

පසුව ඇයට එම රැකියාව අහිමි වී තවත් රැකියාවක් කිරිමට සිදු වුණා.

මැලේසියාවේදී ඔහුට මුණ ගැහුණු තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ ව්‍යාපාරික ස්ථානයක ඇයට රැකියාව කරන බවටයි ඇය තම නිවැසියන්ට දන්වා තිබුණේ.

කෙසේ වෙතත්, මෙලෙස එම රැකියාවේ නිරතව සිටියදීත් ඇය තම නිවැසියන්ට දුරකතනයෙන් ඇමතුම් ලබා දී තිබුණා.

එහෙත්, 2021 අගෝස්තු 30 වනදායින් පසුව ඇය එකවරම නිහඬ බවටයි ඇයගේ මව පවසන්නේ.

ඇය එහිදි සියදිවි හානිකරගෙන ඇති බවට අදාළ රැකියා ස්ථානයේ භාරකාරයා විසින් දැනුම් දුන්න ද ඇයට කිසිවිටෙකත් ජිවිතය හානි කර ගැනීමට ගැටලුවක් නො තිබූ බවයි ඇයගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මේ වනවිට ඇයගේ දේහය මෙරටට අද ගෙනවිත් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව මහරෝහලේදී සිදු කිරීමට ද නියමිතයි. 



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top