නිවාස හා ව්යාපාරික ස්ථානවල නවතා තැබූ වාහන සොරකම් කිරීමේ සංවිධානාත්මක කණ්ඩායමක් ජා ඇල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, රුපියල් කෝටියකට අධික ත්රීරෝද රථ සහ යතුරු පැදි මොවුන් විසින් සොරකම් කර ඇති බවයි.
පසුව චැසි අංක සහ ලියාපදිංචි අංක වෙනස් කර ඔවුන් මෙම වාහන වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ත්රීරෝද රථ 20ක් සහ යතුරු පැදි 10ක් මෙලෙස පොලිසිය විසින් සොයාගෙන තිබූණා.
කෙසේ වෙතත් මෙවැනි වංචනිකයින් තවත් මෙරට තුල සිටිය හැකි බැවින් ඔබත් වාහනයක හිමිකරුවෙක් නම් මෙසේ වංචනිකයන්ට අසු නොවී සිටීමට කල්පනාකාරී වන්න.