දරුවන්ට වැලඳෙන පශ්චාත් කොවිඩ් සංකූලතාවල වැඩිවීමක්
Friday, 15 October 2021 - 13:32 | Views - 783
දරුවන්ට වැලඳෙන පශ්චාත් කොවිඩ් සංකූලතාවන් වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක්වරක් පෙනී සිටි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාප කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරුවේ සිට ආරම්භ වුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක්වරක් පෙනී සිටි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අද පෙරවරුවේ සිට ආරම්භ වුණා.

ඒ අනුව කොළඹ කලාපය, හෝමාගම කලාපය, පිළියන්දල කලාපය හා ශ්‍රී ජයර්ධනපුර කලාපය යන කලාප හතරේ තෝරාගත් පාසල්වල එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

මේ අතර, විශ්වවිද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අදින් අවසන් වීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ වෛද්‍ය පීඨ සහ සම සෞඛ්‍ය පීඨවල සිසුන් දැනටමත් එන්නත්කරණයට ලක්කර අවසන් බවයි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 50,812ක්.

ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 674 දෙනෙකු වාර්තා වුණා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛයාව 529,755ක් දක්වා ඉහළ ගියා.

පසුගිය 13 වැනිදා සිදු වූ කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ අතර ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,429ක් දක්වා ඉහළ ගියා.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙට සිට අවසර හිමි ව තිබෙනවා.

ඒ අනුව ශාලාවට ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් වන පරිදි උපරිම පුද්ගලයින් 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට නියමිතයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා අවසර ලබාදී තිබුණේ විවාහ, ලියාපදිංචි කිරීම්වලට පමණයි.

මේ අතර අවමංගල්‍ය අවස්ථාවක දී ද එක් වරක දී සහභාගී විය හැකි පුද්ගලයින්සං ඛ්‍යාව හෙටින් පසු 15 දෙනෙකු දක්වා ඉහළ නැංවෙනවා.

හෙට සිට අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගැනීමට අවසර හිමිවනවා.

කෙසේ වෙතත් තවදුරටත් අවන්හල් තුළ මත්පැන් භාවිතය තහනම්. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top